දේශීය

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයට දමා අගුලු දමයි

(UTV | කොළඹ) – හෙදියන් දෙදෙනෙකුව විකිරණශීලී කාමරයක් තුලට දමා අගුලු දැමීමේ සිදුවීමක් මහරගම අපේක්ෂා රෝහලෙන් වාර්තා වී තිබේ.   

ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශණ වලදි හෙළිවී ඇත්තේ රෝහල් සේවකයින් දෙදෙනෙක් විසින් මෙම හෙදියන් දෙදෙනාව අදාළ කාමරය තුලට දමා පැයක පමණ කාලයක් රඳවා තබා ඇති බවයි.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, විකිරණ ශිල්පීන් දෙදෙනකු විසින් අදාළ හෙදියන් දෙදෙනා විකිරණශීලි කාමරක් තුළ පැයක පමණ කාලයක් අඟුලු දමා සිර කර තබා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර විකිරණ ශිල්පියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

 

 

 

Related posts

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

නීතිඥ වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Editor O

ඇෆ්ලටොක්සීන් අඩංගු අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරියේදී ප්‍රතිඅපනයනයට පියවර

Mohamed Dilsad

Leave a Comment