දේශීය

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.   

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

අද දිනයේ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.

Related posts

අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළ රාජ්‍ය සේවකයන් නවයක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි.

Editor O

අද දිනයේදී මේ දක්වා හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාම නාවිකයන් [RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

Leave a Comment