විදෙස්

ලංකාවේ සංචාරයකට බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා

(UTV | බංග්ලාදේශය) – අංශ රැසක් යටතේ තවදුරටත් ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එකගතාවයන්ට එළැඹ ඇත.   

ඒ දෙරටෙහි අග්‍රාමාත්‍යවරුන් අතර අද ඩකා නුවර පැවති සාකච්ඡාවේදියි.

සංචාරක සහ වෙළඳ සබඳතා තර කර ගැනීමට දෙරට අතර සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ දැමීම / ත්‍රස්ත මර්දන කටයුතු – මිනිස් ජාවාරම් හා මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ අංශවලදී සහයෝගීතාවය වැඩි කරගැනීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සහ ශෙයික් හසීනා මහත්මිය අතර අදහස් හුවමාරු කරගෙන ඇත.

බංග්ලාදේශයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීම සඳහා තවත් ලාංකික සිසුන්ට ආරාධනා කරන බව අගමැතිනිය සඳහන් කළාය.

එමෙන්ම ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් මෙන්ම හෙද ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බවයි ඇය කියාසිටියේ.

සාර්ක් කොවිඩ් මර්දන හදිසි සහන අරමුදල යටතේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වෛද්‍ය උපකරණ කට්ටල තොගයක් එවීමට පියවර ගෙන ඇති බවද ශෙයික් හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ වෙනුවෙන් ලබන වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට ආරාධනා කරනු ලැබීය.

 

Related posts

ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටෙයි(වීඩියෝ)

Mohamed Dilsad

වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

Leave a Comment