දේශීය

ඇතැම් පිරිස්ගේ උත්සහය දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමයි

(UTV | කොළඹ) – රජයේ ප්‍රගතිය මැන බැලීමේ දී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඇතැම් පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටින බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ පාරම්පරික ඉඩම් ගොවීන්ට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවය.

පරිසරය නියාමනය කිරීම මෙන්ම සංවර්ධනය ද අවශ්‍යම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයකර තිබේ.

රට තුළ වගා කළ හැකි බෝග ද්‍රව්‍ය 17 ක් හඳුනා ගනිමින් ආනයනය සීමා කර ඇති අතර, ඒ තුළින් එම බෝග රට තුළ වගා කිරීමට ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රුපියල් තිස් දෙකක් වූ වී කිලෝවකට ගෙවන මුදල අද වනවිට රුපියල් පනහ දක්වා වැඩි කිරීම තුළින් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායමද ඉහළ යාම සැළකිල්ලට ගතයුතු කරුණක් බව ද එහිදී අවධාරණය කෙරිණි.

වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවටද හිමිව ඇත.

මානව හිමිකම් ගැන කතා කරන පිරිස් ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකියන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Related posts

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. 2023 සහ 2024  සහල් ආනයනය කර නැහැ – වේදිකාවල බෙරිහන් දෙන” හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක ඒ ගැන නොදැන සිටීම කණගාටුයි – මහින්ද අමරවීර

Editor O

පිල්ලයාන් ඝාතන නඩුව අස් කර ගනී

Mohamed Dilsad

පුද්ගලයින් 430 දෙනෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment