දේශීය

අගමැති හෙට බංග්ලාදේශයට

(UTV | කොළඹ) – දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.  

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතය.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරතවීම සිදුවේ.

Related posts

ජනවාරි පළවෙනිදා රාජකාරී අරඹන විදිය ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් මාලාවක්

Editor O

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

Mohamed Dilsad

දුර ගමන් බස් සඳහා ඉංජිනේරු වාර්තාව අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය

Editor O

Leave a Comment