කලා

වේදිකා නාට්‍ය කලාකරුවන් සඳහා රක්ෂණාවරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – වේදිකා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් රජයේ වියදමෙන් රක්ෂණාවරණයක් ලබාදීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) ආරම්භ කරනු ලැබීය.   

ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ලෙස එය හඳුන්වනු ලබයි.

ඒ අනුව සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක් සහ පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක ප්‍රතිලාභ හිමිවනු ඇත.

අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක් මෙන්ම බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් වශයෙන් ප්‍රතිලාභ හිමිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ටවර් හෝල් රගහල පදනම එක්ව මෙම රක්ෂණාවරණය හඳුන්වාදී ඇත.

Related posts

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

යශෝදාව සිතුවමකට නගන ඇමරිකානු චිත්‍ර ශිල්පියා(වීඩියෝ)

Mohamed Dilsad

‘චාපාක්’ චිත්‍රපටය ලබන වසරේ සිට ප්‍රදර්ශනයට.

Mohamed Dilsad

Leave a Comment