ක්‍රීඩා

චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් නැවතත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.   

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් චමින්ද වාස් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස තෝරාගෙන තිබුනද සංචාරයට පෙර ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ වලට හෙට දිනයේ පැමිණීමට නියමිත බවත් ඉන් අනතුරුව චමින්ද වාස්ගේ කොන්ත්‍රාත් ගිවිසුම සකස් කෙරෙන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වියයුතු වෙනස්කම් ගැන මන්ත්‍රී ඩිලාන් කියූ කතාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

Mohamed Dilsad

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

Leave a Comment