දේශීය

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 7ක් ලංකාවට

(UTV | කොළඹ) – විදේශයන්හී සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලියට අදාළ සංශෝදන කිහිපයක් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොවිඩ් මර්දන කාර්යය සාධක බළකාය වෙත දැනුම් දී ඇත.   

විදේශයන්ගෙන් පැමිණෙන අය නිරෝධායන වන දින ගණන අඩු කිරීම ඇතුලු සංශෝධන කිහිපයක් ඒ යටතේ සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කරයි.

ඒ ඊයේ (16) දිනයේ එම කාර්යය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදීයි.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත් මිලියන 7ක් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම රැස්වීමේදී දැනුම් දී ඇත.

 

Related posts

විමල්ගේ පුත්තලම මන්ත්‍රීගේ සහාය රනිල්ට

Editor O

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

මාකඳුරේ මදුෂ් වෙඩි වැදී මරුට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment