දේශීය

සීනි වංචාව පිළිබඳව මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – සීනි ආනයන බදු පහත හෙලීම තුළින් රජයට අවාසියක් සිදුවූවේ යැයි කියන සිද්ධිය පිළිබදව මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ලබන 23 වන දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.   

අමාත්‍යාංශ නිවේදන යටතේ සිදුකරන එම ප්‍රකාශය මගින් මෙම සිද්ධිය පිළිබද සම්පූර්ණ විග්‍රහයක් සහිතව විපක්ෂය නගන ප්‍රශ්නවලට ප්‍රතිචාර ලබාදීමටත් ඔහු අපේක්ෂා කරයි.

මීට අමතරව , රුපියල් බිලියන 15 කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

Related posts

සදුදා පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුර ජීවන් තොන්ඩමන්ට

Mohamed Dilsad

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

Leave a Comment