දේශීය

කොහුවල දී හමුවූ පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයාගේ බව DNA තහවුරු කරයි

(UTV | කොළඹ) – පසුගියදා කොහුවල ප්‍රදේශයේ පිළිස්සී ගිය මෝටර් රථයක් තුල තිබි හමු වූ පිළිස්සුණු මළ සිරුර කොහුවල භාතිය මාවතේ පදිංචි ව්‍යාපාරිකයාගේ බවට DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.   

ඒ, එම තරුණයාගේ දෙමව්පියන්ගේ සහ මියගිය පුද්ගලයාගේ දේහයෙන් ලබාගත් DNA සාම්පල සැසඳීමෙන්.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී කලුබෝවිල රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයද පසුගියදා පැවති අතර මළ සිරුරේ PCR පරීක්ෂණයක් ද සිදුකළ අතර , කෙසේවෙතත් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට එහිදී අනාවරණය කරගෙන ඇත.

33 හැවිරිදි නසාර් මොහොමඩ් නැමැති මෙම ව්‍යාපාරිකයා ගමන්ගත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථය කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්ව තිබුණේ පසුගිය 10 වනදා රාත්‍රී කාලයේදීයි.

 

Related posts

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

Mohamed Dilsad

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට රනිල් තරඟ කරනවාද…? වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment