විදෙස්

නව කොරෝනා රැල්ල හේතුවෙන් ඉතාලිය යළිත් වැසෙයි

(UTV | ඉතාලිය) – නව කොරෝනා රැල්ලක් පැන නැගීමත් සමඟ ඉතාලිය පුරා කඩසාප්පු, අවන්හල් සහ පාසැල් ලබන සඳුදා සිට වසා දැමීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.  

අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රාගි සඳහන් කළේ නව සීමාවන් පාස්කු සමය අවසන් වනතුරුම ක්‍රියාත්මක වන බවයි.

මෙම තත්ත්වය වඩාත් නරක අතට යොමුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත යුතු බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වන විට එරට බොහෝ ප්‍රදේශවල රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඇති අතර, දැඩි සත්කාර ඒකකවල පවතින්නේ තදබදයක්.

නව සීමාවන් රෝමියෝ සහ මිලාන් ඇතුළත් ඉතාලියේ වැඩිම ජනගහණයක් සහිත කලාප දෙක ඇතුලු රටෙන් අඩකට වැඩි ප්‍රමාණයකට ක්‍රියාත්මක වනු ඇති.

 

Related posts

ඇමරිකාවෙන් ගුවන් ටැක්සි සේවාවක්.

Mohamed Dilsad

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

Mohamed Dilsad

සැලී කුණාටුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට විදුලිය නැතිවෙයි

Mohamed Dilsad

Leave a Comment