දේශීය

අගමැති ලබන 19 වනදා බංග්ලාදේශයේ නිල සංචාරයක

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වනදා බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතව ඇත.    

ඒ බංග්ලාදේශයේ නිල ආරාධනයකට අනුවයි.

බංගලාදේශ රජයේ සංවත්සරික උත්සවයක් වෙනුවෙන් සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් මෙලෙස නිල සංචාරයකට එක්වන අතර සාර්ක් කළාපයේ සෙසු රාජ්‍ය නායකයන් සඳහාද මෙම ආරාධනය ලැබී ඇති බව සඳහන්.

19 වනදා දිවයිනෙන් පිටත්වයන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස 20 වනදා රාත්‍රියේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි.

 

Related posts

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

Mohamed Dilsad

මාලිමාවේ තවත් බොරුවක් , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හෙළිකරයි.

Editor O

සැප්තැම්බර් මුල සිට, සෑම සඳුදා දිනකම කෞතුකාගාර වසා තබයි

Editor O

Leave a Comment