දේශීය

අගමැති ලබන 19 වනදා බංග්ලාදේශයේ නිල සංචාරයක

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වනදා බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතව ඇත.    

ඒ බංග්ලාදේශයේ නිල ආරාධනයකට අනුවයි.

බංගලාදේශ රජයේ සංවත්සරික උත්සවයක් වෙනුවෙන් සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් මෙලෙස නිල සංචාරයකට එක්වන අතර සාර්ක් කළාපයේ සෙසු රාජ්‍ය නායකයන් සඳහාද මෙම ආරාධනය ලැබී ඇති බව සඳහන්.

19 වනදා දිවයිනෙන් පිටත්වයන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස 20 වනදා රාත්‍රියේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වෙයි

Mohamed Dilsad

ප්‍රහාර එල්ල කළොත් පෙරළා ප්‍රහාර එල්ල කරනවා – මෝදිගෙන් පකිස්තානයට අනතුරු ඇඟවීමක්

Editor O

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

Mohamed Dilsad

Leave a Comment