දේශීය

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපති

(UTV | කොළඹ) – පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශවයන්ට උපදෙස් දී ලබාදී ඇත.   

ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇත්තේ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි.

ජනාධිපතිතුමා ඒ බව පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරනු ලැබූ අතර මහජන නියෝජිතයන් නොමැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15 ක කාලය තුළ තීරණ ගත් බව ද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වජිර අබේවර්ධන එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමට යෝජනාවක්

Mohamed Dilsad

රට ණය උගුලක හිරවී ඇති බව කීම බොරුවක්

Mohamed Dilsad

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment