දේශීය

සීනි බදු වංචාව සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – සීනි ආනයනය කිරීමේදී රජයට රුපියල් බිලියන 15.9 ක බදු වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ගොනුකර ඇත.   

ජනතාවට ලැබිය යුතු සහන නොලැබීම හමුවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පුද්ගලික සමාගමක සභාපතිවරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

 

Related posts

ජනාධිපතිවරයා විසින් තව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

දෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.

Editor O

අප්‍රේල් 09 වනදා සිට විශේෂ දුම්රිය සේවාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment