කලා

Colombo සිනමාපටය 18 වනදා සිට තිරගත වෙයි

(UTV | කොළඹ) – අසම රන්දිල් ලියනගේගේ අධ්‍යක්ෂණයක් වන Colombo චිත්‍රපටය එළඹෙන මාර්තු 18 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට නියමිතයි.

හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, නිෂාන් කුමාර, රුක්මාල් නිරෝෂ්, ශානිකා නිරෝෂිනී. ජෙහාන් අප්පුහාමි ඇතුළු රංගන ශිල්පීන් රැසක් Colombo සිනමාපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

Colombo චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරිගේ වන අතර අනූෂ සංජීව එදිරිමුණි විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.

මෙම චිත්‍රපටය රූගත කිරීම් සහ සියලු වැඩ කටයුතු අවසන් කර ඇත්තේ මීට වසර 5 කට පෙරය.

 

 

 

Related posts

ශිවන්‍යාගේ සහ රිතික්ගේ ඔබ නොදුටු නර්තනයක්(වීඩියෝව)

Mohamed Dilsad

හල්ක් නැවතත් කරළියට එන ලකුණු

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට අක්ෂේ කුමාර්ගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment