ව්‍යාපාරික

වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට සාකච්ඡා

(UTV| කොළඹ) – නුදුරේදීම වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කෙරෙනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්නගේ පවසයි.   

මේ දිනවල වාහන ආනයනකරුවන්ගේ සංගම් සහ මහ බැංකුව වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නිසි ක්‍රමවේදයක් පිලිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ඒ් මහතා පැවසීය.

ලබන සතියේ පැවැත්වෙන සාකච්චා වටයේදී බොහෝ දුරට සාධනීය විසඳුමක් ලැබෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කරයි.

මෙරින්නගේ පවසන්නේ ඒ අනුව මේ වන විට අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති වාහන මිල යම් තරමකට පහළ වැටෙනු ඇති බවටයි.

 

Related posts

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

Mohamed Dilsad

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

ලෝක බැංකුව විසින් ලබාදෙන විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment