ව්‍යාපාරික

වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට සාකච්ඡා

(UTV| කොළඹ) – නුදුරේදීම වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කෙරෙනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්නගේ පවසයි.   

මේ දිනවල වාහන ආනයනකරුවන්ගේ සංගම් සහ මහ බැංකුව වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නිසි ක්‍රමවේදයක් පිලිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ඒ් මහතා පැවසීය.

ලබන සතියේ පැවැත්වෙන සාකච්චා වටයේදී බොහෝ දුරට සාධනීය විසඳුමක් ලැබෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කරයි.

මෙරින්නගේ පවසන්නේ ඒ අනුව මේ වන විට අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති වාහන මිල යම් තරමකට පහළ වැටෙනු ඇති බවටයි.

 

Related posts

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා දෙගුණ කෙරේ

Mohamed Dilsad

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකිරීමට යෝජනාවක්

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment