විදෙස්

චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

(UTV | රුසියාව) – චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුසියාව සහ චීනය එකගතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

චන්ද්‍රයා සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණ සඳහා පහසුකම් රැසකින් එය සමන්විත වීම විශේෂත්වයක්.

මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මාස ගණනක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසටයි.

විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ දැනට අභ්‍යවකාශ පර්යේෂණවල නිරතවන ඇමෙරිකාවේ නාසා ආයතනයට චීනයේ සහ රුසියාවේ ඒකාබද්ධ නව ව්‍යාපෘතිය මගින් සැළකිය යුතු අභියෝගයක් එල්ලවනු ඇති බවයි.

 

Related posts

ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්

Editor O

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

Editor O

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment