දේශීය

සංචාරක ක්ෂේත්‍රයට නව මාර්ගෝපදේශ

(UTV | කොළඹ) – සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (09) සෞඛ්‍ය අමාතයංශයේදී පැවැත්විය.

ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන්.

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවී ඇති අතර ඒ අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වන කරුණු 08 ක් පිළිබද සාකච්ඡාවට ලක්වී තිබේ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙලේ දී විදෙස් සංචාරකයින් පැමිණීම වැඩිවීමත් සමග කොවිඩ් වෛරසයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මූලිකත්වය දෙමින් තීන්දු තීරණ ගත යුතු බවයි.

ගුවන් තොටුපල නැවැත විවෘත කිරීමත් සමග මේ දක්වා සංචාරකයින් 6000 ක් පමණ මෙරටට පැමිණ ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණ විය.

 

Related posts

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

Mohamed Dilsad

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මතයි.

Editor O

Leave a Comment