ක්‍රීඩා

විලියම්සන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

(UTV | නවසීලන්තය) –  බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අහිමි වී ඇත.

ඒ, කෙටි කාලයක සිට ඔහුගේ වම් වැලමිටෙහි පවතින ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ආබාධය නිසා විලියම්සන්ට කෙටි කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්, මෙම වසරේ පවතින කාර්යයබහුල තරග කාලසටහන හේතුවෙන් එලෙස ඔහු විවේක ගැන්වීම ඉතා වැදගත් බවත් එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 20 වනදා ඩුනේඩින් හී දී ආරම්භ වීමට නියමිතයි.

 

Related posts

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් පුහුණු තරගයෙන් නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

Mohamed Dilsad

ටිම් පේන්, බට්ලර් පරදා දික්වැල්ල ලෝකෙන්ම අංක එකට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ඉන්දීය ක්‍රිකට් තරඟාවලිය ලබන 13 වැනිදා

Mohamed Dilsad

Leave a Comment