ව්‍යාපාරික

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

(UTV | සෞදි අරාබිය) – ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ පිරිපහදු, ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වී දින කිහිපයක පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 70 ඉක්ම වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 65 දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු තෙල් නිෂ්පාදනවල මිල මේ මාසය තුළ 12 % කින් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය බොරතෙල් මිල මේ වසරේදී 30 % කින් පමණ ඉහළ ගියා.

තෙල් මිල මේ වනවිට සටහන් වන්නේ වසර දෙකකින් ඉහළම අගයකයි.

 

Related posts

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

Mohamed Dilsad

උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

Mohamed Dilsad

Leave a Comment