ව්‍යාපාරික

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

(UTV | සෞදි අරාබිය) – ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ පිරිපහදු, ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වී දින කිහිපයක පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 70 ඉක්ම වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 65 දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු තෙල් නිෂ්පාදනවල මිල මේ මාසය තුළ 12 % කින් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය බොරතෙල් මිල මේ වසරේදී 30 % කින් පමණ ඉහළ ගියා.

තෙල් මිල මේ වනවිට සටහන් වන්නේ වසර දෙකකින් ඉහළම අගයකයි.

 

Related posts

චීනයෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

Editor O

දකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්

Mohamed Dilsad

විදුලි වාහන චාර්ජ්කරන තැන් නියාමනය කිරීමේ වැඩසටහනක්

Editor O

Leave a Comment