විදෙස්

ගිනි රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවකින් 17ක් මරුට

(UTV | ගිනියාව) – ඉක්වටෝරියල් ගිනි රාජ්‍යයේ යුද හමුදා කඳවුරක සිදුවූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බටා නගරයේ මෙම හමුදා කඳවුර පිහිටා ඇති අතර, සිද්ධියෙන් 500 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවල සඳහන්.

බාටා නගරයේ හමුදා බැරක්කයක් අසල මෙම පිපිරීම් සිදුව තිබේ.

නොසැලකිලිමත් ලෙස බැරැක්ක තුළ ඩයිනමයිට් ගබඩාකර තිබීම මෙම පිපිරීම්වලට හේතුවී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී ඇති අතර එහි සිරවී ඇති පිරිස් සොයා මෙහෙයුම් සිදු කෙරේ.

 

Related posts

රටවල් දෙකක් වැනසූ භූ කම්පනය – මරණ ගණන 40,000ට ආසන්න වෙයි

Mohamed Dilsad

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවම

Mohamed Dilsad

සජීවී විකාශය | සඳ වෙත තවත් රොකට්ටුවක් නාසා යවයි

Mohamed Dilsad

Leave a Comment