ගොසිප්

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

(UTV | කොළඹ) – සිය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ තනතුරෙන් ඉවත් කරන බවට තමාට කිසිදු ලිඛිත දැනුම් දීමක් තබා SMS පණිවුඩයක් හෝ නොලැබුණ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

ලේකම්වරයා විශේෂඥ වෛද්‍යවරයෙක් බැවින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලකිය යුතු කාලයක් සේවය කළ බැවින් කොවිඩ් පාලන කටයුතු පිළිබඳ ‌මනා අවබෝධයක් තිබුණේ යැයිද ඇය පෙන්වා දුන්නාය.

කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් පුද්ගලයන් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප විමසූ විට ඇය සදහන් කළේ , සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් කටයුතු අවුල් සහගත තත්ත්වයක තිබුණ බැවින් තමා කළකිරීමෙන් කටයුතු කළ නමුත් එම අවුල් සහගත තත්ත්වන් දැන් නිවැරැදි කර ගෙන සිය ඇමැති ධුරයේ කටයුතු සාර්ථකව කරගෙන යන බවකි.

 

Related posts

ලාංකිකයන් 5000කට කුවේටයෙන් පිට වන්නයි නියෝග..

Mohamed Dilsad

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

Leave a Comment