දේශීය

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

(UTV | කොළඹ) – විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර ඇත.

පවතින වියළි කාළගුණයත් සමග මෙරට ජල විදුලි නිෂ්පාදනය 20 % ක් දක්වා පහතවැටී ඇති බව ද විදුලිබල අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කර ඇති බවයි.

මේ යටතේ මෙගා වොට් 128 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජනක රත්නායක මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු පැවසුවේ, එවැනි යෝජනාවක් කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති බවයි.

මාර්තු හා අප්‍රේල් මාසවල පවතින වියලි කාලගුණය සැලකිල්ලට ගෙන අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්කිරීමට ඉදිරි සතියේදී කොමිෂන් සභාව රැස්වන බව ඔහු ප්‍රකාශ කළේය.

 

Related posts

සයිනොෆාම් මාත්‍රා දෙකම ලබාගත් පිරිස කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

නායකතුමා නැති අතරේ, සිරිකොතේ ගාලගෝට්ටියක්

Editor O

දුම්රිය රියදුරු වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment