ව්‍යාපාරික

බිස්කට් සහ චොකලට් නිෂ්පාදනය කරන දැවැන්ත කර්මාන්තශාලාවක් හෝමගමට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට සකස්කරමින් පවතියි.

හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක භූමිභාගයක මෙම අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නවතම ව්‍යාපාරික මුල පිරීමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වේ. මෙකී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීමට මෙලෙස ඉදිවන නව කර්මාන්තශාලාව සමත් වුවද, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙනු ඇත.

ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකිරීම මෙකී නව කර්මාන්ශාලාවේ ප්‍රධාන අරමුණයි.

ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය.

 

Related posts

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත පහළට

Editor O

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යාපාරික අවස්ථා ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment