කලා

මිලියන 9 ක ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසිකයන් සමග සතුට සමරන බිපාෂා [PHOTOS]

(UTV| ඉන්දියාව) – සිය සැමියා වූ කරන් සිං ගෝවර්ගේ 38 වැනි උපන්දිනය සමරන්නට මාලදිවයිනට ගිය බොලිවුඩ් සිනමා නිළි බිපාෂ බාසූ එහිදි ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට මිලියන 9 කට ආසන්න රසික පිරිසක් සිටින සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර ඇත.

එමෙන්ම සිය සැමියාගේ උපන්දිනය සමරන විඩියෝවක්ද ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළකොට ඇති අතර, එය පෙබරවාරි 26 වැනිදා දිනට නරඹලා ඇති පිරිස එක් ලක්ෂ විසිහයදාහක් වී තිබුණි.

බිපාෂා හා කරන් සිං දෙදෙනා දින හයක කාලයක් මාලදිවයින දූපත්වල විනොදයෙන් ගතකර ඇති අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

 

Related posts

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

2018 වසරේ අර්ථයක් නොමැති චිත්‍රපට අතර මුල්තැනට ‘සංජූ’..

Mohamed Dilsad

වින් ඩීසල්ගේ නවතම සිනමා පටය මේ මස 13 වනදා

Mohamed Dilsad

Leave a Comment