ව්‍යාපාරික

ජනවාරි මාසයේ වාහන ලියාපදිංචිය වාර්තාගත ලෙස පහළට

(UTV | කොළඹ) – වාහන ආනයනයට පැනවුණු සීමාවන් හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත වැටී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කෙරුණු වාහන 34, 475 කට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කර ඇත්තේ වාහන 3256 ක් පමණයි.

වසරකට පෙර ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 2536 කට සාපේක්ෂව මෙම වසරේ ජනවාරියේ මෝටර් රථ 195 ක් පමණක් ලියාපදිංචි කර ඇති අතර, වෑන් රථ ලියාපදිංචිය ද 911 සිට 78 දක්වා පහත වැටී තිබේ.

ජනවාරි මාසයේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ 767 කට සාපේක්ෂව 20 ක් දක්වා පහත වැටී ඇති අතර, ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව ද 26,588 සිට 1228 දක්වා පහත වැටී ඇති බව ද ජේ.බී. සිකියුරිටීස් තැරැව්කාර සමාගම සඳහන් කළේය.

 

Related posts

සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට නව ජවයකින් ඇරඹි Communique PR

Mohamed Dilsad

ඇමෙරිකාවේ බද්දෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර බලපෑම් – කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

Editor O

අලුත් වාහනයට ලක්ෂ 55යි, පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100යි, අමුතු විදියේ වාහන ආනයන බද්දක්?

Editor O

Leave a Comment