විදෙස්

ගෝලීය කොරෝනා ආසාදිතයන් සති 7 කට පසු ඉහළ යයි

(UTV| කොළඹ) – ලොව පුරා වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සති 7 කට පසු ගත වූ සතියේදී ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

එම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටී.

එය අප සියල්ලන්ටම අනතුරු ඇගවීමක් වන අතර, අවස්ථාවක් ලබාදුනහොත් වෛරසය යළි නැගී සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කව්, සූරිච් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කිසියම් රටක් කොරෝනා මර්දනයට එන්නත් කෙරෙහි පමණක් විශ්වාසය තබන්නේ නම් එය අත්වැරදීමක් බව ද ඔවුන් පවසයි.

කෙසේවෙතත් වෛරසයෙන් හොඳින් ආරක්ෂා වීම සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගතයුතු බව විද්‍යාඥයන් පෙන්වාදෙයි.

මේ වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 114,991,089 ක් වන අතර සිදුව ඇති මරණ ගණන 2,550,192 කි.

 

Related posts

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

Mohamed Dilsad

බල්ලන් වෙනුවෙන් සුපිරි හෝටලයක්(වීඩියෝ)

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ ඇමරිකාවේ අලුත්ම වාර්තාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment