ක්‍රීඩා

ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂධූරයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මාර්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇත.

වසර 3ක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී ඇති බව සඳහන්.

මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මත අලුතින් පිහිටුවූ තනතුරක්.

ඒ අනුව එම ධූරයේ වගකීම් අතරට ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය පිළිබද අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය මෙන්ම ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණ යන අංශ එක්වෙයි.

 

 

 

 

Related posts

මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට

Mohamed Dilsad

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

Leave a Comment