දේශීය

 2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ විභාගය අද (01) සිට ලබන 10 වැනිදා තෙක් පැවැත්වෙන බවයි.

මධ්‍යස්ථාන 4,513 කදී, අයදුම්කරුවන් 622, 352 ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇති.

මෙම විභාගය පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම් සැළකිල්ලට ගෙනයි අද දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාතයංශය තීරණය කළේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විශේෂිත මධ්‍යස්ථාන 40 ක්ද සූදානම් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

නිරෝධායනය වන සිසුන් වෙනුවෙන් මෙවර සෑම විභාග මධ්‍යස්ථානයකම ශාලාවක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

මෙවර විභාගයට කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

 

 

Related posts

ඖෂධ හිඟයට හේතු කියන නලින්ද ජයතිස්ස

Editor O

හඳුනා ගත් භාණ්ඩ කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දුම්රිය128 ක් ධාවනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment