දේශීය

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

(UTV| කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායම් අනියුක්ත කර තිබේ.

මේ අනුව වසංගත රෝග විද්‍යා ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්, ප්‍රාදේශීය සෞඛ්‍යය බලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් සහ ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් එලෙස ක්‍රියාත්මකය.

මේ වනවිට එන්නත්කරණයට අදාළව නිකුත් කර ඇති උපදෙස් අනුව, නිලධාරීන් සහ ජනතාව ක්‍රියාත්මක දැයි එමගින් සොයා බැලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඔහු සඳහන් කළේ, අධි අවදානම් ලෙස හඳුනා ගෙන ඇති ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් නොවන කිසිදු පුද්ගලයෙකුට කොරෝනා මර්දන එන්නත්කරණයට අවස්ථාව ලබා නොදෙන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අධිඅවදානම් ලෙස හඳුනා ගත් ග්‍රාම සේවා වසම්වල වයස අවුරුදු 30 ට වැඩි, වසමේ ස්ථීර පදිංචිකරුවන්ට සහ තාවකාලික පදිංචි බවට තහවුරු කළ හැකි පුද්ගලයින්ට පමණක් කොරෝනා මර්දන එන්නත්කරණය සිදුවන බවයි.

වැඩි අවදානම් සහිත වීම, පසුගිය සමයේ වැඩි රෝගීන් සහ මරණ වාර්තා වීම, අවදානම් තත්ත්වයක් ඇති විය හැකි වීම යන කරුණු සැලකිල්ලට ගෙන එම ග්‍රාම නිලධාරීන් වසම් හඳුනා ගැනීම සිදුවනු ඇති.

ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මේ වනවිට හඳුනා ගෙන ඇති අධිඅවදානම් ග්‍රාම නිලධාරීන් වසම් සංඛ්‍යාව 25 කට අධික වේ.

 

Related posts

ඊයේ ආසාදිතයන් 662 අතරින් 502 දෙනෙකුම බස්නාහිර පළාතෙන්

Mohamed Dilsad

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ පනස් දහසක්…?

Editor O

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment