දේශීය

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලබන කොරෝනා එන්නත් තොගයෙන් කොටසක් එනම් ලක්ෂ 05 ක් අද දිනයේදි ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත බව සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.

එමෙන්ම, කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණය හෙට (26) සිට ආරම්භ කරන බව ද කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියාය.

පසුගිය ජනවාරි 28 වැනිදා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන් අතර , තවත් ඉතිරිව ඇත්තේ එන්නත් 116,907 ක් පමණි.

 

 

Related posts

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් රජයේ පාසල් මැයි 05 සහ 06 දෙදින නිවාඩු

Editor O

අසභ්‍ය ප්‍රකාශන තහනම් කියපු ගැසට් නිවේදනය ආපසු හරවයි

Mohamed Dilsad

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

Mohamed Dilsad

Leave a Comment