දේශීය

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලබන කොරෝනා එන්නත් තොගයෙන් කොටසක් එනම් ලක්ෂ 05 ක් අද දිනයේදි ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත බව සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.

එමෙන්ම, කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණය හෙට (26) සිට ආරම්භ කරන බව ද කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියාය.

පසුගිය ජනවාරි 28 වැනිදා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන් අතර , තවත් ඉතිරිව ඇත්තේ එන්නත් 116,907 ක් පමණි.

 

 

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට යළි විවෘතයි [RELEASE]

Mohamed Dilsad

ගාල්ලේ පාසල් වැසේ

Mohamed Dilsad

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment