විදෙස්

ඇමෙරිකාව පුරා ජාතික කොඩි දින 05 ක් අඩකුඹු වෙයි

(UTV | ඇමරිකාව) – කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා යාමත් සමග ඇමරිකාව පුරා ජාතික ධජ ඉදිරි දින 05 තුළදී අඩකුඹු කර තැබීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා උපදෙස් ලබාදී තිබේ.

කොරෝනා මරණ ලක්ෂ 05 ඉක්මවා ගිය පළමු රට වන්නේද ඇමරිකාවයි. මේ දක්වා අමෙරිකාවේ සටහන්වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 28 ඉක්මවා ගොස් ඇත.

ඒ වෙනුවෙන් ධවල මන්දිරය ඉදිරිපිට විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවති අතර ජනාධිපතිවරයා – උප ජනාධිපතිනිය ඇතුලු පිරිසක් ඊට සහභාගී වී තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී වොෂින්ටන් නගරයේ දේවස්ථානවල සීනු 500 වරක් නාද කර තිබුණේද කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය ඇමරිකානුවන් සැමරීම සඳහායි.

 

Related posts

මැලේසියාවේ විපක්‍ෂය නව රජයක් පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

Mohamed Dilsad

Leave a Comment