දේශීය

පුත්තලම – කොළඹ දුම්රිය මගීන්ට නිවේදනයක්

(UTV| කොළඹ) – කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එළඹෙන 26 වනදා සිට 28 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එළඹෙන 26 වනදා පෙරවරු 8.00 සිට 28 වනදා පස්වරු 8.30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇත.

එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණි.

 

Related posts

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

Editor O

තවත් රටවල් 6 කට ලංකාව ඇතුළු වීම තහනම්

Mohamed Dilsad

රජයෙන් වී මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගනී : රටේ සහල් අවශ්‍යතාවයෙන් දින දෙකකට ප්‍රමාණවත්

Editor O

Leave a Comment