දේශීය

පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරු හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

රිය අනතුරුවලින් දිනකට 10 දෙනෙකු හෝ 11 දෙනෙකු මියයෑම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරයි.

ඒ හේතුවෙන් රිය අනතුරු වළක්වා ගැනීමට ජනතාව මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

රිය අනතුරුවලින් දිනකදී තුවාල ලබන සංඛ්‍යාව 40ක් දක්වා වර්ධනය වී ඇති බවත් , ලංකාව තුළ දිනකට වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව 120ක් දක්වා ද වැඩි වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.

අධික වේගය, බීමත්ව රිය පැදවීම, මාර්ග සංඥා නොතකා කටයුතු කිරීම මෙම අනතුරුවලට මූලික හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

 

 

 

Related posts

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

Mohamed Dilsad

සියලු විශ්ව විද්‍යාල යළි ඇරඹේ

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අත්සන් 1640ක විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment