දේශීය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයි

(UTV | කොළඹ)  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 එන්නත, නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා අනුමත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

එමෙන්ම, එය වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහාද නිර්දේශ කර ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදයට නිසි රැකවරණයක් ලබා නොදෙන බව පවසමින් එය භාවිත කිරීම අත්හිටුවීමට එරට තීරණය කරනු ලැබුවා.

එමෙන්ම, ජර්මනිය සහ ප්‍රංශය ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට භාවිත නොකරන ලෙස උපදෙස් ලබාදී තිබුණා.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කැතරින් ඕබ්‍රයන් ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස්ගත පුද්ගලයින් තුළද තරුණ පුද්ගලයින්ට සමාන ප්‍රතිශක්තියක් ගොඩනගන බවයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවීමට මුල් වූ දකුණු අප්‍රිකානු අධ්‍යයනය ප්‍රමාණවත් දත්ත මත සිදුකර නොමැති බවයි.

 

Related posts

ශ්‍රී ලංකා නාවික හමුදාවට අදට වසර 70 සපිරෙයි

Mohamed Dilsad

පැහැරගත්තා කියන වැලිගම මන්ත‍්‍රීලා කැමැත්තෙන්ම ඇවිත් වාහනේට නැග්ගා.. මටත් අත වැනුවා..- ඇසින් දුටු අයෙක් සාක්‍ෂි දෙයි..

Editor O

සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment