ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයක වැරදිකරුවකු නම් මෙරට ක්‍රීඩා ආයතන නිලවරණ තහනම්

(UTV | කොළඹ) – යම් පුද්ගලයෙකු ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයකින් වරදකරු වුවහොත් ඔහුට වසර 5 ක් යනතුරු කිසිදු ක්‍රීඩා සමාජ නිලයකට තරග කිරීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඊට අදාළ නීති නව ක්‍රීඩා පනතට එක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර , 9 ශ්‍රේණියේ සිට ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට සලකා බලමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කොළඹ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

 

Related posts

කොරෝනා නිසා තවත් මෝටර් රථ ධාවන තරඟයක් කල් යයි

Mohamed Dilsad

SLPL සඳහා එන නම ගිය ක්‍රිකට් පාවා දෙන්නෙකු හෙට දිවයින

Mohamed Dilsad

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

Mohamed Dilsad

Leave a Comment