ගොසිප්

තවදුරටත් අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසට ෆොන්සේකාගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවමින් සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් දක්වා ඇත.

ඒ “සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යලිත් ගෝඨාභයට සිහිපත් කරමි. 1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේ දී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බල ඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1 වන සිංහ රෙජිමේන්තු බල ඇණියයි.

අද වසර 30 කට පසු 2021 දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාව ම ඔබව හාස්‍යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ. බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත.

ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසය”.

 

 

 

Related posts

අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුව

Mohamed Dilsad

දේශීය සංචාරකයන්ට යා නොහැකි හෝටල්වල බලපත්‍ර අවලංගුයි

Mohamed Dilsad

රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

Mohamed Dilsad

Leave a Comment