ගොසිප්

විවාහ උත්සවයකට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ස්වයං නිරෝධායනයට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.

මේ අතර පෙරේදා පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වී ඇති අයුරු දක්නට ලැබුණි.

ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රීලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත සැළසුම් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

 

 

 

Related posts

මහමැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට?

Mohamed Dilsad

කාමාතුර සැකකරු පොලිසියෙන් මිදී පලා යයි

Mohamed Dilsad

SLFP නැත්නම් ජනාධිපතිතුමත් නෑ

Mohamed Dilsad

Leave a Comment