දේශීය

නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ 8563 කට උසස්වීම්

(UTV | කොළඹ) – 73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිළධාරීන් 337 දෙනෙකුට සහ සෙසු නිලයන් 8226 කට මීලඟ නිලය සඳහා උසස්වීම් පිරිනැමීමට කටයුතු කරනු ඇත.

සේනාධිනායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම උසස්වීම් පිරිනැමෙනු ලැබේ.

ඒ් අනුව බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජනරාල් ධුරයටත් , කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් ධුරයටත් , ලුතිතන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් ධුරයටත් උසස් කරනු ලැබෙයි.

මේජර් නිලය දරන 34 ක් ලුතිතන් කර්නල් තනතුර සඳහාත් කපිතාන් නිලය දරන 206 දෙනෙකු මේජර් ධුරය දක්වාත් ලුතිතන් නිලය දරන 22 දෙනෙකු කපිතාන් ධුරය සඳහාත් , දෙවන ලුතිතන් ධුරය දරන 03 දෙනෙකු ලුතිතන් නිලය දක්වාත් උසස් කර ඇත.

 

 

Related posts

ඇදිරි නීතිය කඩ කරමින් රාති‍්‍රයේ සැරිසන පිරිස් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු අරඹයි

Mohamed Dilsad

ඉරාන විරෝධතාවලින් හතලිකට වැඩි පිරිසක් මියගිහින්

Editor O

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

Leave a Comment