කලා

එල්ෆින්ස්ටන්, ටවර් හෝල් යළි අරින්න අවසර

(UTV | කොළඹ) – එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවසර ලබාදී ඇත.

ඒ අනුව කොවිඩ් 19 වැළක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම රංග ශාලා විවෘතකර පවත්වාගෙන යාමට හැකිවේ.

සමාජ දුරස්ථභාවය රැකගැනීම, ශ්වසන ආචාරවිධි පවත්වාගැනීම, නිරතුරුවම දෑත් සේදීම, නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම කරුණු කෙරෙහි අවධානය යොමුකළ යුතු බවද මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

 

Related posts

“The Newspaper” ලොව B ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරී වටයට

Mohamed Dilsad

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

Mohamed Dilsad

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටය ලබන මස සිට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment