ක්‍රීඩා

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

(UTV | කොළඹ) – වසර 2022 දී ආසියානු ක්‍රීඩා හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම් අපේක්ෂාවෙන් ඉහළ කාර්යසාධන කමිටුව ස්ථාපිත කළ ඉහළ දක්ෂතා පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මාසිකව රුපියල් ලක්ෂයක් බැගින් වියදම් දැරීමට කටයුතු කරයි.

එහිදී සංචිතගත ක්‍රීඩකයෙක් වෙනුවෙන් මාසිකව රුපියල් 30000 ක් බැගින් දීමනාවක් ලබාදෙන අතර සෙසු වියදම් ඔවුන්ට ඉහළ පහසුකම් ලබාදීමට වෙන්කෙරේ.

මහේල ජයවර්ධන මහතා සහභාගිත්වය දරන ජාතික ක්‍රීඩා සභාවේ සැලැස්මකට අනුව මෙම ඉහළ දක්ෂතා ප්‍රවර්ධන සංචිතය ක්‍රියාත්මක කෙරේ.

එහි ප්‍රධානතම ඉලක්කය වන්නේ වසර 2022 ට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාව නියත වශයෙන්ම පදක්කම් කීපයක් දිනාගැනීමය.

එහිදී ක්‍රීඩකයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් කෝටියක් ද එය පොදුරද මඩුලු ලෝකඩ පදක්කමක් වන්නේ නම් රුපියල් මිලියන පහක් බැගින් ද වන පරිදි තිලිණ කිරීමට කටයුතු කෙරේ.

එකී අන්තර්ජාතික ක්‍රීඩා උළෙලවල දී ශ්‍රී ලාංකිකයෙකුගේ ජයග්‍රහණයක් රන් පදක්කමක් වේ නම් එවිට රුපියල් කෝටි තුනේ සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

 

Related posts

IPL ආරම්භක තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජය

Mohamed Dilsad

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා අතර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය ජනවාරියේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment