විදෙස්

කොරෝනා එන්නත බවට හඟවා චීනයේ සේලයින් විකුණයි

(UTV| චීනය) – කොවිඩ් -19 වෛරසය සඳහා ව්‍යාජ එන්නත් නිෂ්පාදනය කළ පුද්ගලයින් 80 දෙනෙකු චීනය විසින් අත්අඩංගුවටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන කොවිඩ් -19 සඳහා “ව්‍යාජ එන්නත්” නිපදවන අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අදාළව එම පිරිස අත්අඩංගුවටගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව ව්‍යාජ කොවිඩ් -19 එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ පුද්ගලයින් එළෙස එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පොලීසිය චීනයේ බීජිං අගනුවර, ෂැංහයි සහ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් හි ස්ථාන කිහිපයක මෙම වැටලීම් සිදුකර ඇත.

එමෙන්ම අදාළ ව්‍යාජ එන්නත් විදේශ රටවලට යොමු කිරීමටද සැකකරුවන් සැළසුම් කර ඇති බවට අනාවරණ වී තිබේ.

 

Related posts

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන, මානව හිමිකම් සමුළුවට, එක්සත් රාජධානියෙන් ප්‍රකාශයක්

Editor O

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

Mohamed Dilsad

සුනාමි බලපෑමෙන් ඉන්දුනීසියාවේ 50ක් මරුට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment