දේශීය

ජාතික පාසලක පන්ති කාමරයක සිටිය යුතු උපරිම සංඛ්‍යාව 45 ක්

(UTV | කොළඹ) – ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සඳහා පනවා ඇති සීමාවන් ඉක්මවා යාමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ ගැටලු මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 ක් වන අතර සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම ධාරිතාව 45 ක් වේ.

එමෙන්ම , කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කලාප හා පළාත් අධ්‍යාපන කාර්යාල මට්ටමින් රට පුරා පාසල් 120 ක සුවතා කාමර ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහය ලබාදෙන බව ද ප්‍රකාශකර ඇත.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ මෙය ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනකගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම උදෙසා මුල පිරීමක් වනු ඇති බවයි.

 

Related posts

විදුලි කප්පාදුව ගැන විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment