ගොසිප්

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

(UTV | කොළඹ) – මේ වන විට ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් ද වාර්තා වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවයි.

මෙරටට විදේශයක සිට පැමිණි පුද්ගලයකුගෙන් මෙම නව වෛරස් හඳුනාගෙන ඇති බව ද සඳහන්.

වෛරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වෛරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරසය හාස්‍යයට කරුණක් කර නොගන්නා ලෙස ප්‍රාථමික, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

අභයාරාමාධිපතිගෙන් ආණ්ඩුවට දෝස් මුරයක්

Mohamed Dilsad

තමන්ගේ ජීවිතයේම කොටසක් කරගත් ඇන්ජිගේ අපූරු රසිකයා

Mohamed Dilsad

ලැප්ටොප් බෑගය බාර නොදීී, විශ්‍රාම ගිය උසස් නිලධාරියාගේ වැටුපෙන් රු. 10000ක් කපයි.

Editor O

Leave a Comment