දේශීය

මාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්

(UTV| කොළඹ) –  පසුගිය වසරේ ඔක්තෝබර් 12 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ මැගසින් බන්ධනාගාරය තුලට පාර්සල් 54 ක් වැටී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම පාර්සල් තුල තිබී, ජංගම දුරකථන 47ක්, සිම්කාඩ් 22ක්, ජංගම දුරකථනවලට යොදන බැටරි 57, චාජර් 13 ක් සොයා ගෙන තිබේ.

ඊට අමතරව, හෙරොයින් පැකට් 16 ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 09 ක්, ගංජා පැකට් 37 ක් සහ දුම්කොළ 569 ක් ද සොයාගෙන ඇත.

එමෙන්ම, දුම්වැටි 71 ක්, ලයිටර් 14 ක්, බීඩි 7 ක් සහ මිලිලීටර් 400 යේ මත්පැන් බෝතලයක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබුණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් පසුව මෙම පාර්සල් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන්.

 

Related posts

බලන්ගොඩ බස් අනතුරකින් ගැබිණි මවක් ඇතුළු 05 කට තුවාල

Mohamed Dilsad

ගත වූ පැය 12 තුළ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක හුදකලා සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment