දේශීය

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 787 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ් අනුව ගම්පහින් 139 ක් , මහනුවර 108 ක් , කොළඹ 101 ක් , කලුතර 66 ක් , කුරුණෑගල 65 ක් , ගාල්ල 61 ක් , මාතලේ 45 ක් රත්නපුර 39 ක් සහ මාතර 23 ක් ඊයේ ආසාදිතයන් අතර විය.

මීට අමතරව අම්පාර 18 ක් , හම්බන්තොට 14 ක් , මඩකලපුවේ 14 ක් , පුත්තලමේ 11 ක් , මොණරාගල 11 ක් , නුවරඑළියේ 11 ක් ද ඊයේ ආසාදිතයන් අතරට ඇතුළත් විය.

එමෙන්ම යාපනයේ 10 ක් , කිළිනොච්චියේ 10 ක් , කෑගල්ලේ 08 ක් , පොළොන්නරුවේ 07 ක්, මන්නාරමේ 06 ක් , වව්නියාවේ 05 ක් , මුලතිවු 04 ක්, බදුල්ලේ 03 ක්, අනුරාධපුර 03 ක් , ත්‍රිකුණාමලයේ 02 ක් ඊයේ ආසාදිතයන් අතරට අයත් වේ.

 

Related posts

ජැනට් යෙලන් ලංකාව ගැන කතාකරයි

Mohamed Dilsad

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment