දේශීය

යළිත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 763 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

ඒ් අනුව කොළඹින් 241 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 210 ක් , මාතර 41 ක් , ගාල්ලේ 29 ක් , වව්නියාවේ 28 ක්, ත්‍රිකුණාමලයේ 20 ක් , මහනුවර 19 ක් , පුත්තලමේ 12 ක් සහ අම්පාරේ 12 ක් ද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

මීට අමතරව මන්නාරමේ 11 ක් , මඩකලපුවේ 10 ක් , කලුතර 09 ක් , රත්නපුර 07 ක් , හම්බන්තොට 05 ක් , නුවරඑළියේ 04 ක් , කෑගල්ලේ 01 ක් සහ බදුල්ලේ එක් ආසාදිතයෙකුද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

එමෙන්ම ප්‍රදේශය නිශ්චිතව හඳුනානොගත් ආසාදිතයන් 89 ක්ද විදේශයන්හි සිට පැමිණි 14 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතර විය.

 

Related posts

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ පුහුණුවක්

Editor O

මාලිමාවේ 159 ට දෙවෙනි වතාවටත් දවල් තරු පෙනෙයි. – රවී කරුණානායක දෙවෙනි යෝජනාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්

Editor O

අසේල සම්පත් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment