දේශීය

යළිත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 763 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

ඒ් අනුව කොළඹින් 241 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 210 ක් , මාතර 41 ක් , ගාල්ලේ 29 ක් , වව්නියාවේ 28 ක්, ත්‍රිකුණාමලයේ 20 ක් , මහනුවර 19 ක් , පුත්තලමේ 12 ක් සහ අම්පාරේ 12 ක් ද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

මීට අමතරව මන්නාරමේ 11 ක් , මඩකලපුවේ 10 ක් , කලුතර 09 ක් , රත්නපුර 07 ක් , හම්බන්තොට 05 ක් , නුවරඑළියේ 04 ක් , කෑගල්ලේ 01 ක් සහ බදුල්ලේ එක් ආසාදිතයෙකුද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

එමෙන්ම ප්‍රදේශය නිශ්චිතව හඳුනානොගත් ආසාදිතයන් 89 ක්ද විදේශයන්හි සිට පැමිණි 14 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතර විය.

 

Related posts

පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

වාහන ගැන සුබ ආරංචියක්

Editor O

ඩීසල් – පෙට්‍රල් රැගත් දුම්රිය 4 ක් අද ධාවනයට

Mohamed Dilsad

Leave a Comment