විදෙස්

ඇමෙරිකාවේ ආරක්ෂාව තර කෙරේ

(UTV |ඇමෙරිකාව) – ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ලබන 20 වනදා සිය ධුරයේ දිවුරුම්දීමට නියමිතය.

ඊට සමගාමීව එරට සියලු ප්‍රාන්තවල ආරක්ෂාව තර කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය 6 වනදා වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ ආකාරයේ විරෝධතා සහ කැරළි වළක්වාගැනීම සඳහා එම පියවර ගත් බව එරට ආරක්ෂක අංශය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් විරෝධතා පා ගමන් පැවැත්විය හැකි බවට එෆ්.බී.අයි. ආයතනය අනතුරු අඟවා තිබේ.

එසේම ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයෙකුද ඊයේ(16) වර්ජිනියා හිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ජපානයට නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

ගාසා දෙකට කඩයි

Mohamed Dilsad

ධවල මන්දිරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment