ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පිතිකරණය ඉතා දුර්වලයි – සංගක්කාර

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරඟය ගැන අදහස් දක්වමින් සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතාමත් දුර්වල පිතිකරණයක යෙදුණු බවයි.

Sky Sports නාලිකාවට අදහස් දක්වමින් කුමාර් සංගක්කාර මෙම අදහස් පළකර තිබුණි.

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 135ක් පමණයි.

“එක ඇත්තටම දුර්වල පහරදීමේ විලාශයක්. ප්‍රධාන පිතිකරුවන් ඉතා පහත විදිහේ පහරවල් වලට යාම නිසා කිසිම පීඩනයකින් තොරව දැවී යනවා ඉතා අඩු ලකුණු ගණනකට. ඒ වගේම නැවත නැවතත් පිතිකරුවන් තුළින් ඒ ක්‍රියාවම සිදු වෙනවා අපි දැක්කා. මෙය ටෙස්ට් තරන්ගාවලියක පළමු ඉනිම ක්‍රීඩා කිරීමේදී සිදු නොවියයුතු දෙයක්. මම ඇත්ත වශයෙන්ම ඉතාමත් කණගාටු වෙනවා මේ ක්‍රීඩා විලාශය හා කණ්ඩායම ගැන. සමස්ත ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේම කිසිම සැකැස්මක් නැහැ ඒ වගේම හරි සූදානමක් තිබ්බෙත් නැහැ. ” යනුවෙන් සංගක්කාර වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

මීට අමතරව එංගලන්ත හිටපු නායක Michael Vaughan ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී පෙන්නුම් කළ දුර්වල පිතිකරණ විලාශය “කුණු කසල ” වලට සමාන කොට ඇත.

“එංගලන්තය හොද මට්ටමක ඉන්නවා. ඔවුන් ලංකාවට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයෙන් ක්‍රීඩා කරනවා.”යනුවෙන් ද ඔහු පවසයි.

බී.බී.සී වෙත අදහස් දක්වමින් හිටපු එංගලන්ත නායකයා ප්‍රකාශ කොට ඇත්තේ තණතීරුව එතරම් තර්ජනාත්මක නොවන බවයි.

 

 

Related posts

පාකිස්තානය වර්ජනය කල 10 දෙනාට ෂොහිබ් අක්තාර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සුදුසුකම් ලබයි

Mohamed Dilsad

SLC T-20 තරගාවලියේ පෙරමුණට ආ කොළඹ කණ්ඩායම

Mohamed Dilsad

Leave a Comment